අපගේ කාර්ය මණ්ඩලය

ප‍්‍රධාන අරමුණු
මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ප‍්‍රධාන අරමුණු වන්නේ:
- පළාත් මාර්ග පද්ධතිය නවීන අවශ්‍යතාවයන්ට උචිත වන අයුරින් සංවර්ධනය කිරීම
- සංවර්ධනය කරන ලද මාර්ග පද්ධතිය කාලීනව නඩත්තු කිරීම
- ජනතා අවශ්‍යතාවයන් සඳහා බහුලව භාවිතා වන වෙනත් මාර්ග ගුණාත්මක අයුරින් සංවර්ධනය කරමින් පළාත් මාර්ග පද්ධතියට ඇතුලත් කිරීම
- ගුණාත්මක මාර්ග පද්ධතියක් පවත්වාගෙන යාම සඳහා ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම
- විදුලි පහසුකම් නොමැති ජනතාවගේ විදුලි අවශ්‍යතා සපුරාලීම
- ග‍්‍රාමීය ජනතාවගේ දිළිදුකම අවම කිරීම සඳහා ග‍්‍රාමීය ප‍්‍රදේශවල පවතින බලශක්ති ප‍්‍රභවයන් කාර්යක්‍ෂම හා ඵලදායී ලෙස කලමනාකරණය කරමින් සුනිත්‍ය බලශක්ති තාක්‍ෂණයන් සහිත වැඩසටහන් සකස් කිරීම හා ක‍්‍රියාත්මක කිරීම
- බලශක්ති සංරක්‍ෂණ ක‍්‍රමෝපායන් පිළිබඳව ජනතාවගේ දැනුම හා ආකල්ප වර්ධනය කිරීම
- පවතින නෛතික රාමුව තුළ කුලී නිවැසියන්ගේ හා නිවාස හිමියන්ගේ අයිතිවාසිකම් සුරැකීම
- අඩු ආදායම්ලාභීන්ගේ සහන නිවාස සහ යටිතල පහසුකම් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම
- මධ්‍යම පළාතතුල කාර්යක්ෂම, ආරක්ෂාකාරී, සුවපහසු ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීම
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත් සභාවට අයත් මාර්ග, පාලම්, බෝක්කු ඉදිකිරීම, පුනරුත්තාපනය කිරීම හා නඩත්තු කිරීම
ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබාගැනීමට නොහැකි ග‍්‍රාමීය ජනතාවට විකල්ප විදුලිබලය හා බලශක්ති ලබාදීම
මධ්‍යම පළාත තුල වෙසෙන ඉතා දිළිදු පවුල් සඳහා ස්ථීර නිවසක් ඉදිකර ගැනීම සඳහා ද්‍රව්‍ය හා මුල්‍ය ආධාර ලබා දෙනු ලැබේ
අංක 109, යටිනුවර වීදිය