ආයුබෝවන්

Ccentral Province Flag Sri Lankaශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභාවේ, මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ වෙබ් අඩවිය වෙත පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමු!

 


පළාත් සභා ක්‍රමය, 1988 වසරේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවනු ලදී. ඒ අනුව පළාත තුල අමාත්‍යාංශ 05 ක් ස්ථාපිත කර ඇත. මෙම අමාත්‍යාංශයන්හි විෂයය පථයන් වරින් වර වෙනස්වන අතර වර්තමානයේ මෙම අමාත්‍යාංශයේ විෂයයන් වනුයේ මාර්ග සංවර්ධනය, ප්‍රවාහනය, විදුලිබල හා බලශක්ති සංවර්ධනය හා නිවාස සංවර්ධනයයි. පරිපාලිත ප්‍රදේශය දිස්ත්‍රික්ක තුනකින් සමන්විත වන අතර ඒවා නම් මහනුවර, මාතලේ සහ නුවර එළිය වේ.

අපගේ දර්ශනය

ආරක්ෂිත ගමනක සුවපහසුව, ප්‍රශස්ත බලශක්ති පරිභෝජනය සහ නිවසක හිමිකම, පළාත තුළ තහවුරු කිරීම.

 

අපගේ මෙහෙවර

පළාත තුළ අපේක්ෂිත මට්ටමේ මාර්ග පද්ධතියක් හා ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාම, ගුණාත්මක බලශක්ති භාවිතය දිරිගැන්වීම සහ අත්‍යවශ්‍ය ජන කොටස් වෙත නිවාස හිමිකමේ මූලික අවශ්‍යතා ලබාදීම

ලේකම්ගේ පණිවිඩය

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ නිල වෙබ්අඩවිය වෙත පිවිසි ඔබ සියලුදෙනා සාදරයෙන් පිළිගනිමි. අප අමාත්‍යංශය වෙත පැවරී ඇති කාර්ය භාරය, එහි ප්‍රතිපත්තීන්, නවතම වැඩසටහන් ඇතුළු සමස්ත කටයුතු පිළිබඳව විශ්වාසවන්ත හා නිරවද්‍ය තොරතුරු ජනතාව හා අප අමාත්‍යංශය සමඟ සබඳතා පවත්වන සියළුම පාර්ශවකරුවන් වෙත කඩිනමින් හා පහසුවෙන් ළඟා කරදීම මෙම නිල වෙබ්අඩවියේ අරමුණයි.

මාර්ග සංවර්ධනය හා ප්‍රවාහන ක්ෂේත්‍රය නගාසිටුවීම තුළින් සුවපහසු හා ආරක්ෂිත ගමනක් දායක කිරීමත් බලශක්ති පරිභෝජනය ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම හා නිවාස පහසුකම් සපුරාලමින් ජනජීවිතය ඉහළ නැංවීමත් මධ්‍යම පළාතේ ජනතාව වෙත උරුම කරදීම අප අමාත්‍යංශය මඟින් අපේක්ෂා කෙරේ.

එමෙන්ම ඉහත වගකීම් සපුරාලමින් මෙම නිල වෙබ්අඩවිය මඟින් ජනතාව වෙත මෙම අමාත්‍යංශගත නිවැරදි තොරතුරු කාර්යක්ෂමව හා වගකීම් සහිතව, පාරදෘශ්‍ය භාවයකින් යුක්තව ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වේ.

මෙම නිල වෙබ්අඩවිය හරහා ජනතාව සමඟ පුළුල් සංවාදයක් ගොඩනැගීමත් අප අමාත්‍යංශයේ ප්‍රගතිය පිළිබඳ ක්ෂණිකව ජනතාව දැනුවත් කිරීමත් අපේක්ෂා කරමු.

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය හා එහි කාර්ය මණ්ඩලය මහජනතාව වෙත වගකීමෙන් යුතුව, කැපවීමෙන් හා අවංකව කටයුතු කරමින් අප වෙත පැවරුණු කාර්ය භාරය නොපිරිහෙළා ඉටුකරමින් මධ්‍යම පළාත සාමාජීය හා ආර්ථික දියුණුවක් කරා ගෙනයාම තහවුරු කරනා බව සහතික කරමි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත (RTI)

තොරතුරු නිලධාරී
ඒ. ආර්. ඩබ්. එම්. එම්. පී. එන්. කේ. අමරකෝන් මිය
පරිපාලන නිලධාරී
පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය
109, යටිනුවර වීදිය, මහනුවර
දු.ක. හා ෆැක්ස් - +94 812 200124
විද්‍යුත් තැපෑල - ministryofroadscp@gmail.com

නම්කළ නිලධාරී
දිලීපා රූපානි පියදාස මිය
ලේකම්
පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම්
අමාත්‍යංශය
109, යටිනුවර වීදිය, මහනුවර
දු.ක. - +94 812 233107
විද්‍යුත් තැපෑල - ministryofroadscp@gmail.com

පෝරම බාගන්න

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත (RTI)

තොරතුරු නිලධාරී
ඒ. ආර්. ඩබ්. එම්. එම්. පී. එන්. කේ. අමරකෝන් මිය
පරිපාලන නිලධාරී
පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය
109, යටිනුවර වීදිය, මහනුවර
දු.ක. හා ෆැක්ස් - +94 812 200124
විද්‍යුත් තැපෑල - ministryofroadscp@gmail.com

නම්කළ නිලධාරී
දිලීපා රූපානි පියදාස මිය
ලේකම්
පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම්
අමාත්‍යංශය
109, යටිනුවර වීදිය, මහනුවර
දු.ක. - +94 812 233107
විද්‍යුත් තැපෑල - ministryofroadscp@gmail.com

පෝරම බාගන්න

ජයග්‍රහණ

මධ්‍යම පළාත් සභා මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශයේ විශේෂ අවස්ථා සහ නිවේදන

පළාත් ඵලදායීතා සම්මාන 2020

පළාත් ඵලදායීතා සම්මාන 2020

2020 තරගාවලියේ අමාත්‍යංශ අතර තෙවන ස්ථානය

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය

Visit Government Information Center - Sri Lanka

අමුත්තන්

අප සමග අමුත්තන් 55 ක් සහ කිසිදු සාමාජිකයෙක් නැත සබැඳි සිටී

Checked Out

මාර්ග සංවර්ධනය

Central Province Road Development ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත් සභාවට අයත් මාර්ග, පාලම්, බෝක්කු ඉදිකිරීම, පුනරුත්තාපනය කිරීම හා නඩත්තු කිරීම

විදුලිබල හා බලශක්ති සංවර්ධනය

alternative power and energy ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබාගැනීමට නොහැකි ග‍්‍රාමීය ජනතාවට විකල්ප විදුලිබලය හා බලශක්ති ලබාදීම

නිවාස සංවර්ධන සේවාවන්

housing_construction services මධ්‍යම පළාත තුල වෙසෙන ඉතා දිළිදු පවුල් සඳහා ස්ථීර නිවසක් ඉදිකර ගැනීම සඳහා ද්‍රව්‍ය හා මුල්‍ය ආධාර ලබා දෙනු ලැබේ

අපගේ ලිපිනය

Reach us අංක 109, ‍යටිනුවර වීදිය
මහනුවර
ශ්‍රී ලංකාව