ආයුබෝවන්
ශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභාවේ, මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ වෙබ් අඩවිය වෙත පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමු!
පළාත් සභා ක්‍රමය, 1988 වසරේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවනු ලදී. ඒ අනුව පළාත තුල අමාත්‍යාංශ 05 ක් ස්ථාපිත කර ඇත. මෙම අමාත්‍යාංශයන්හි විෂයය පථයන් වරින් වර වෙනස්වන අතර වර්තමානයේ මෙම අමාත්‍යාංශයේ විෂයයන් වනුයේ මාර්ග සංවර්ධනය, ප්‍රවාහනය, විදුලිබල හා බලශක්ති සංවර්ධනය හා නිවාස සංවර්ධනයයි. පරිපාලිත ප්‍රදේශය දිස්ත්‍රික්ක තුනකින් සමන්විත වන අතර ඒවා නම් මහනුවර, මාතලේ සහ නුවර එළිය වේ.
අපගේ දර්ශනය
ආරක්ෂිත ගමනක සුවපහසුව, ප්‍රශස්ත බලශක්ති පරිභෝජනය සහ නිවසක හිමිකම, පළාත තුළ තහවුරු කිරීම.
අපගේ මෙහෙවර
පළාත තුළ අපේක්ෂිත මට්ටමේ මාර්ග පද්ධතියක් හා ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාම, ගුණාත්මක බලශක්ති භාවිතය දිරිගැන්වීම සහ අත්‍යවශ්‍ය ජන කොටස් වෙත නිවාස හිමිකමේ මූලික අවශ්‍යතා ලබාදීම
දැන්වීම් පුවරුව
මධ්‍යම පළාත් සභා මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශයේ විශේෂ අවස්ථා සහ නිවේදන
මධ්‍යම පළාත් ඵලදායීතා සම්මාන 2018
අමාත්‍යාංශ අතර තරඟයේ පළමුවන ස්ථානය
ජාතික ඵලදායීතා සම්මාන 2020
අන්තර් පළාත් අමාත්‍යාංශ අතර තෙවන ස්ථානය
ලේකම්ගේ පණිවිඩය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අනුව, 1987 අංක 42 දරන පළාත් සභා පනතින් ස්ථාපනය කර ඇති මධ්‍යම පළාත් සභාවේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන පරිපාලන දිස්ත්‍රික්ක තුනත්, ඒ තුළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 36 ක්ද වේ.