Sri Lanka Government Web Portalසිංහල අකුරු මුහුණත බාගත කිරීමதமிலெழுத்தைப் பெறவூம்

සිංහල (Sinhala)தமிழ் (Tamil)English

ආයුබෝවන්

Ccentral Province Flag Sri Lankaශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභාවේ, මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ වෙබ් අඩවිය වෙත පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමු!


පළාත් සභා ක්‍රමය, 1988 වසරේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවනු ලදී. ඒ අනුව පළාත තුල අමාත්‍යාංශ 05 ක් ස්ථාපිත කර ඇත. මෙම අමාත්‍යාංශයන්හි විෂයය පථයන් වරින් වර වෙනස්වන අතර වර්තමානයේ මෙම අමාත්‍යාංශයේ විෂයයන් වනුයේ මාර්ග සංවර්ධනය, ප්‍රවාහනය, විදුලිබල හා බලශක්ති සංවර්ධනය හා නිවාස සංවර්ධනයයි. පරිපාලිත ප්‍රදේශය දිස්ත්‍රික්ක තුනකින් සමන්විත වන අතර ඒවා නම් මහනුවර, මාතලේ සහ නුවර එළිය වේ.


Our Visionඅපගේ දර්ශනය

මධ්‍යම පළාතට ගුණාත්මක මාර්ග පද්ධතියක් හා ප‍්‍රවාහන සේවාවක් සමගින් සැමට නිවසක් හා විකල්ප බලශක්තියෙන් සවිබලගැන්වු ජන සමාජයක් තුලින් ඉසුරුමත් හෙටක් කරා....


අපගේ මෙහෙවර

පවත්නා සම්පත් ප‍්‍රශස්ත හා කාර්යක්‍ෂම ලෙස කළමණාකරණය කරමින්,ජනතා අවශ්‍යතා සපුරාලන මාර්ග පද්ධතියක් ස්ථාපිත කර ජනතාවගේම සහභාගීත්වයෙන් පවත්වාගෙන යාමත්, පොදු මහජනතාවගේ ප‍්‍රවාහන අවශ්‍යතා සපුරාලීමත්, ජාතික විදුලිබල පද්ධතියෙන් බැහැරවන ජනතාවට සුනිත්‍ය බලගශක්තිය හදුන්වා දීමත්, බලශක්ති කාර්යක්‍ෂමතාවය වර්ධනය කිරීමත් සැමට මුලික පහසුකම් සහිත නිවසක වාසය කිරීෙමි හිමිකම සහතික කරදීමත් මගින් දේශයේ ආශ්චර්යමත් ගමනට අනුගතව කටයුතු කිරීම අපගේ මෙහෙවරයි.

පුවත් සහ සිදුවීම්

Event Calendar මධ්‍යම පළාතේ පාසල් ළමුන් උදෙසා බලශක්ති සංරක්ෂණය පිළිබ‍ඳව දැනුවත් කිරීමේ වැඩසටහන් 30ක් ක‍්‍රියාත්මක කෙරේ.

 


මධ්‍යම පළාතේ ගෘහනියන් සඳහා බලශක්ති  සංරක්ෂණය පිළිබ‍ඳව දැනුවත් කිරීමේ වැඩසටහන් 35 ක් ක‍්‍රියාත්මක කෙරේ.

 


මධ්‍යම පළාතේ රාජ්‍ය නිලධාරීන් සඳහා බලශක්ති සංරක්ෂණය පිළිබ‍ඳව දැනුවත් කිරීමේ වැඩසටහන් 15ක් ක‍්‍රියාත්මක කෙරේ.

ඵලදායීතා සම්මානය 2014

මධ්‍යම පළාත් ඵලදායීතා සම්මාන 2014 අමාත්‍යාංශ අතර තරඟයේ පළමුවන ස්ථානය

මධ්‍යම පළාත් ඵලදායීතා සම්මාන 2014 අමාත්‍යාංශ අතර තරඟයේ පළමුවන ස්ථානය

මාර්ග සංවර්ධනය

Central Province Road Development ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත් සභාවට අයත් මාර්ග, පාලම්, බෝක්කු ඉදිකිරීම, පුනරුත්තාපනය කිරීම හා නඩත්තු කිරීම

විදුලිබල හා බලශක්ති සංවර්ධනය

alternative power and energy ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබාගැනීමට නොහැකි ග‍්‍රාමීය ජනතාවට විකල්ප විදුලිබලය හා බලශක්ති ලබාදීම

නිවාස සංවර්ධන සේවාවන්

housing_construction services මධ්‍යම පළාත තුල වෙසෙන ඉතා දිළිදු පවුල් සඳහා ස්ථීර නිවසක් ඉදිකර ගැනීම සඳහා ද්‍රව්‍ය හා මුල්‍ය ආධාර ලබා දෙනු ලැබේ

අප වෙත පැමිණෙන්න

Reach us අංක 109, ‍යටිනුවර වීදිය
මහ නුවර
ශ්‍රී ලංකාව

Joomla template by Joomlashine.com